Gossips

සුනාමියෙන් පසු ඉන්දුනීසියාවට නව අනතුරු ඇගවීමේ පද්ධතියක්

පසුගි දා ඇති වූ සුනාමි තත්ත්වයෙන් පසුව ඉන්දුනීසියාවට නව සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙතෙක් පැවති සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතිය 2012 වසරෙන් පසුව අක්‍රියව පැවති බවයි මීට පෙර වාර්තා වුණේ.
විදෙස් වාර්තා සඳහන් කළේ ලබන වසරේදී මෙම නව සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතිය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි.
පසුගිය සෙනසුරාදා ඉන්දුනීසියාවේ අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් ඇතිවූ සුනාමි තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයින් 429ක් මිය ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 150 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති අතර, පුද්ගලයින් 16,000ක් පමණ අවතැන්ව සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.