Gossips

සුනාමියට ගොදුරු වූ ඉන්දුනීසියානු දිවයිනේ තවත් අතුරු කම්පන

සුනාමි රල පහරින් මියගිය සංඛ්‍යාව 408 දක්වා ඉහල යද්දී ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ තවත් අතුරු කම්පන රැසක් වාර්තා වී තිබෙනවා.
පාලූ නගරය කේන්ද්‍ර කරගනිමින් ඊයේ සුනාමි රල පහරක් ඇති වූයේ රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයකින්.
එහිදී 500 කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, තවත් විශාල පිරිසක් අතුරුදන් වුණා.
කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර තවත් පිරිස් සිරවී ඇත්දැයි පරීක්ෂාවට ලක් කෙරෙනවා.
භූ කම්පනයත් සමඟ පාලූ නගරයේ ගුවන් තොටුපලේ ගුවන් යානයක් ආරක්ෂිතව නික්මීම අධීක්ෂණය කළ ගුවන් ගමන් පාලකවරයෙකුද සුනාමියෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයින්ගේ සිරුරු නගරයේ වීථිවල තවමත් දක්නට ලැබෙන අතර, රෝහල්වලට හානි සිදුවීම නිසා තුවාල ලැබූවන්ට තාවකාලික කූඩාරම්වල ප්‍රතිකාර කරන බව සඳහන්.