වත්තල හේකිත්ත ප්රදේශයේ වයස අවුරුදු 17ක ෂෙහාන් චතුරංග නැමති තරුණයා පසුගිය මස 27 වැනිදා ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.
ඒ, ඊට පෙර දින අසල නිවසක සිටි සුනඛයෙකු තම නිවසට රැගෙන ගොස් පසුව අයිතිකරුවන්ට යළි භාරදීමට ගිය අවස්ථාවේ සුනඛයාගේ අයිතිකරුවන් අදාළ තරුණයාට පහර දී එය රූගත කර සමාජ ජාලය ඔස්සේ ප්රසිද්ධ කිරීමේ සිද්ධියකින් පසුවයි.
එම සිද්ධියට ඇති වූ සිත්තැවුල මත මෙම සිය දිවි හානිකර ගැනීම සිදු වූ බවට සඳහන් වුවද ජීවිතක්ෂයට පත් වූ තරුණයාගේ ඥාතීන් පවසන්නේ ඔහුගේ මරණය සැක සහිත බවයි.
