පෑලියගොඩ ප්රදේශයේදී සුනඛයෙකු විසින් රැගෙන යමින් සිටියදී සොයා ගත් මිනිස් හිසක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සුනඛයෙකු මිනිස් හිසක් රැගෙන යන බවට පොලීසියට දැනුම්දී තිබුණේ ප්රදේශවාසීන් පිරිසක්.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් කණ්ඩායම්වල අවධානය පසුගියදා විදෙස් යුවලකගේ රියදුරෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් යොමුව ඇති බව ද වාර්තා වනවා.
දෙසැම්බර් 19 වනදා කොළඹ සුපිරි නිවාස සංකීර්ණයක සිව් වන මහලේ නවාතැන් ගෙන සිටි මෙම විදෙස් යුවලගේ රියදුරා එම නිවස තුලදීම අභිරහස් ලෙස ඝාතනය කර තිබුණා.
පුටුවක බැද පුලූස්සා තිබූ ඔහුගේ සිරුර පිළිබදව පොලීසිය දැනුවත් කර තිබුණේ එංගලන්ත ජාතික එම විදේශිකයා සහ තායිලන්ත ජාතික ඔහුගේ බිරිද විසින්.
කෙසේ වෙතත්, මොරටුව ප්රදේශයේ පුද්ගලයෙකු දෙසැම්බර් 5 වනදා සිට අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඔහු ද මෙම විදෙස් යුවල යටතේ රියදුරෙකු ලෙස සේවය කර තිබුණා.
මෙම මිනිස් හිස එම පුද්ගලයාගේ බවට පොලීසිය සැක කරන නිසා එය තහවුරු කර ගැනීම සදහා විමර්ශන ක්රියාත්මක කරන බවයි පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.