Gossips

සුනඛයින් රැළක් හදුන් දිවියෙකු ඝාතනය කරයි

හැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු යායක සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණි හදුන් දිවියෙකු සුනඛයින් කිහිප දෙනෙකු විසින් සපාකැම හේතුවෙන් එම හදුන් දිවියා ජිවිතක්ෂයට පත් වි තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ අද (02) උදෑසන 9ට පමණ මෙය සිදුවී ඇති බවයි.
වතුයායේ ගසක් මත රැඳි සිට ඇති හදුන් දිවියා වතු කම්කරුවන් සමග තේ වතු යායට ගිය සුනඛයෙකුට පහරදි ගොදුරක් වශයෙන් අල්ලාගත් අවස්ථාවේ ඒ අසලම සිටි තවත් සුනඛයින් කිහිපදෙනෙකු එක් වි හදුන් දිවියාව සපා කෑ බවයි වතු කම්කරුවන් කියා සිටියේ.
නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ද එම ස්ථානයට පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.