සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100ක මිලක් ද, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 105ක මිලක් ද නියම කර ඇති බවයි.
එමෙන්ම ආනයනකරුවන් සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 92කට වඩා වැඩි මුදලකට වෙළදාම් කිරීම ද සිදුනොකළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය සඳහන් කළේ.
