Gossips

සුදු බේබිට වැඩ වරදියි

අමතර විදුලි පහන් දල්වා සෙසු රථවාහන වලට බාධා වන ආකාරයේ ධාවන යෙදුණු බස් රථ දෙකක් සිය භාරයට ගැනීමට බණ්ඩාරවෙල පොලීසිය පසුගියදා කටයුතු කර තිබෙනවා.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට බණ්ඩාරවෙල ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා පිරිසක් පැමිණි බස් රථ දෙකකුයි මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ.
දින 14ක් තුළ එම අනවශ්‍ය විදුලි පහන් ඉවත් කරන ලෙස අවවාද කර බස් රථ දෙක මුදා හැරීමට කටයුතුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.