Gossips

සුදු තරුණියක් සමඟ නිරෝෂ් ජෙට් ස්කයි එකේ ගිය අවසන් ගමන

මුහුදු වෙරළේදී ජෙට් ස්කයි යන්ත්‍රයක නැගී විදෙස් කාන්තාවක් සමඟ දියඹට ගොස් අතුරුදන් වූ තරුණයෙකු පිළිබඳව සංවේදී කතාවක් නිලාවේලි මුහුදු තීරයෙන් වාර්තා වනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
ඔහු මීට පෙර හමුදා සේවයේ නිරතව ඉන් ඉවත්ව රූපලාවන්‍ය කටයුතුවල නිරතව සිට තිබෙනවා.
අනතුරුව ඔහු නිලාවේලි වෙත ගොස් ඇත්තේ කිමිදුම් පාඨමාලාවක් හැදෑරීම සඳහායි.
ඒ අතරතුරදීයි ඔහු මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව ඇත්තේ.
එම අවස්ථාවේ ඔහු සමඟ ජෙට් ස්කයි යන්ත්‍රය තවත් සුදු ජාතික තරුණියක් ගමන්කර ඇති අතර එම අනතුරින් ඇය දිවිගලවාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් තොරතුරු වාර්තා වන්නේ තරුණයා පැළඳ සිටි ජීවිතාරක්ෂක කබාය විදෙස් ජාතික තරුණියට ලබාදී ඇති බවයි.
ඒ අනුව තරුණිය දිවිබේරාගෙන ඇති අතර ඇය අනතුරුව නිලාවේලි පොලිසියට පැමිණ අනතුර සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා දී විදෙස්ගතව තිබෙනවා.
පසුව දින කිහිපයක් අතුරුදන් වූ තරුණයා සෙවීමේ මෙහෙයුම් දියත්කර පසුව එය මේ වනවිට අත්හැර දමා ඇති බවටයි ඥාතීන් චෝදනා කරන්නේ.