Gossips

සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් කරාපිටිය රෝහලේ

බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති වෛද්‍යවරයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහලේ ශාඛාව විරෝධය පළ කරනවා.
කරාපිටිය රෝහල් පරිශ්‍රයේ ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සාමාජික වෛද්‍ය මංගල ගුණතිලක කියා සිටියේ පසුගිය සති කිහිපය තුළ මොහු සිදුකළ සැත්කම් 02 කින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
මේ අතර, වයඹ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට විරෝධය පළ කරමින් පුත්තලම රෝහලේ හෙද නිලධාරීන් අද (18) වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.