Gossips

සුදර්ශි මහා රැස්වීමට වාරණයක්

සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශි ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
2016 වසරේ සිට සුදර්ශි ආයතනයේ මහ සභා රැස්වීම නොපැවැත්වීම හේතුවෙන් එය පවත්වන ලෙසට ඉල්ලමින් සාමාජිකයින් 71 දෙනෙකු කළ ඉල්ලීම අනුව එහි ලේකම් සමන්ප්‍රිය මාරසිංහ අද මහ සභා රැස්වීම කැඳවනු ලැබුවා.
පසුව එහි වැඩබලන සභාපති, වැඩබලන ලේකම් සහ භාණ්ඩාගාරික විසින් ලේකම් සමන් මාරසිංහ වගඋත්තරකරු කරමින් මහා සභා රැස්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.
ඒ අනුවයි කොළඹ දිසා විනිසුරු ආර්.ටී.ඞී.ටී.පී. රත්නායක මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 11 වනදා එය ඉදිරිපත් කරන ලෙසටද දිසා විනිසුරුවරයා එහිදී නියෝග කරනු ලැබුවා.