Gossips

සුඩානයේ ගැටුම්වලදී පුද්ගලයින් 16 දෙනෙකු මරුට

සුඩානයේ පසුගිය දින දෙක තුළ ඇති වූ විරෝධතාවලදී එරට ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එරට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ පැවති විරෝධතාවලදී ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුම් වලදී පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
රජයේ ගොඩනැගිලි සහ පෞද්ගලික දේපලවලට ද විරෝධතාකරුවන් හානි සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
සුඩාන රජයට එරෙහිව එරට ජනතාව වීථි බැස විරෝධතා සිදුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සුඩාන රජය පෙරළා දමා ජනාධිපති ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණය මෙහෙය වූ එරට ආරක්ෂක අමාත්‍ය අවාඞ් ඉබ්න් ඔව්ෆ් සිය ධුරයෙන් ඉවත් වුණා.