Gossips

සුඩානයට හදිසි නීතිය

වසර 30ක් බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් එරට මධ්‍යම රජය විසුරුවා හැර වසරක කාලයක් සඳහා හදිසි නීතිය පනවා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සුඩාන ජනාධිපතිවරයා එරට සියළු ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ද තනතුරෙන් ඉවත් කර ඇති බවයි.
ඉන්ධන සහ ෆාම් ඔයිල් සඳහා පැවති සහනාධාරය ඉවත් කිරීමට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේ සිට සුඩාන ජනපතිට එරෙහිව රට පුරා විරෝධතා පැවැත්වෙන අතර, මේ වන විට එය උත්සන වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
75 හැවිරිදි වියේ පසුවන සුඩාන ජනාධිපතිවරයාට තවදුරටත් බලයේ රැදී සිටිය නොහැකි ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ අතර එය කල් දමන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් ද කර තිබුණා.