Gossips

සුජීවට කඩුවෙල මහනගර සභාවේ හිටපු විපක්ෂ නායකගෙන් චෝදනා

පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමෙන් මුදල් ලබාගත් බව පිළිගත් රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහට එරෙහිව දඬුවම් ලබාදිය යුතු බව කඩුවෙල මැතිවරණ කොට්ඨාසයේ දූෂණ විරෝධී සංවිධානය පවසනවා.
එම සංවිධානය අද (09) කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් කඩුවෙල හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය ප්‍රකාශ කළේ සාධාරණ විසඳුමක් ලබාදීමට රජය කටයුතු නොකලහොත් ඉදිරියේදී ජනතාව ඊට ප්‍රතිචාර දක්වනු ඇති බවයි.
පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 03ක් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගත් බව රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ ඊයේ (08) පිළිගත්තා.
පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ රුපියල් මිලියන 03ක් අවස්ථා තුනකදී රාජ්‍ය අමාත්‍යවරයාට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙරේදා වාර්තා කළේ මහබැංකු බැඳුම්කර නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවු අවස්ථාවේදියි.