Gossips

සුගත්ගේ 20 වසරක වාර්තාව බිඳ වැටේ

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මළල ක්‍රීඩා තේරීම් තරගවලදී වසර 20ක් පැරණි වාර්තාවක් බිද හෙලීමට විනෝජ් සුරංජය ඊයේ (27) සමත් වුණා.
ඒ, මීටර් 200 පිරිමි ධාවන ඉසව්වෙන් සුගත් තිලකරත්න 1998 බැංකොක් ආසියානු ක්‍රීඩා උළෙලේදී තත්ත්පර 20.69කින් ඉසව්ව නිම කරමින් පිහිට වූ වාර්තාවයි.
විනෝජ් සුරංජය ඊයේ ඒ සඳහා වැය කළ කාලය 20.65ක්.
මීටර් 100 ධාවන ශූර හිමාෂ එෂාන් එහිදී දෙවන ස්ථානය හිමි කර ගත් අතර, දිලීප් රුවන්ට තුන්වන ස්ථානය හිමි වුණා.
විනෝජ් සුරංජය සහ හිමාෂ එෂාන් අද (28) පැවැත්වෙන ජාතික තේරීම් තරඟවලදී මීටර් 100 ඉසව්ව සඳහා යළි තරඟ වැදීමට නියමිතයි.