Gossips

සුඛෝපභෝගී මෙට්ට අස්සේ සැඟවුණු මත්පැන් ජාවාරම

සුඛෝපභෝගී මෙට්ට අස්සේ සැඟවුණු මත්පැන් ජාවාරම "
මෙට්ට අස්සේ සැඟවුණු මත්පැන් ජාවාරමක් මූදුකටුවේ
විදේශයන් හි නිෂ්පාදිත සුඛෝපභෝගී මෙට්ට තුළ සඟවා නීතිවිරෝධී ලෙස මෙරටට මත්පැන් ගෙන්වන ලද ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ නිලධාරීන්, සිදුකරන ලද වැටලීමකට අනුවයි මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව මාරවිල – මූදුකටුව ප්‍රදේශයේ ඊයේ සිදුකරන ලද වැටලීමකදී එලෙස ගෙන්වන ලද විදේශීය මත්පැන් බෝතල් 111 ක් සොයා ගත්තා.
වසර 16 ක පමණ සිට ඉතාලියේ පදිංචිව සිටින පුද්ගලයෙකු මෙම මත්පැන් ජාවාරම දීර්ඝ කාලයක සිට කරගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.