Gossips

සුඛෝපභෝගී බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මරුට – 25කට තුවාල

මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ සවස 6 ට පමණ වැලිපැන්න අධිවේගී පිවිසුම ආසන්නයේදී අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අධික වේගයෙන් ගමන් කළ බස් රථය අධි බලැති විදුලි කණුවක ගැටී නිවසක් මතට පෙරලී තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් කළ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.
තුවාල ලැබුවන් අතර මාර්ගයේ ගමන් කළ මවක් සහ දියණියක් ද වන බවටයි අනාවරණ වි ඇත්තේ.
තුවාල ලැබුවන් නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනතුරට ලක්වු බස් රථය මීගමුව සිට ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන එකක් වන අතර එය විනෝද චාරිකාවක ගොස් මාතර දක්වා යමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි සඳහන්.
බස් රථයේ රියදුරා බීමත්ව සිට ඇතැයි හෙළිවී ඇති අතර ඔහු වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.