Gossips

සුඛෝපභෝගී ජිප් රථයකින් ගොස් සතුන් දඩයම් කළ 3 ක් දැලේ (ඡායාරූප)

සුඛෝපභෝගී ජිප් රථයකින් ගොස් වන සතුන් දඩයම් කළ සැකකරුවන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම 4.45 ට පමණ මුන්දලම ජයන්තිපුර ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත්තේ සැක කටයුතු ජිප් රථයක් සැරිසරන බවට පොලිසියට ලැබුනු තොරතුරකට අනුවයි.
සැකකරුවන් සතුව තිබී විදේශයක නිශ්පාදිත ගිනි අවියක්, ජීව පතුරම් 10 ක්, හිස් පතුරම් කොපු 2 ක්, අධි බලැති විදුලි පන්දමක් සහ දඩයම් කරන ලද හාවුන් දෙදෙනකු සොයාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයන් මුන්දලම සහ අවට ප්‍රදේශවල ජීවත්වන වන සතුන් දඩයම් කර වෙන්නප්පුව ප්‍රදේශයට රැගෙන යන බවට විමර්ශණවලදී හෙළිවී ඇතැයි සඳහන්.
සැකකරුවන් වෙන්නප්පුව සහ වාරියපොළ ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප – පුත්තලම ජූඩ් සමන්ත