Gossips

සී.වී.විග්නේෂ්වරන්, ඉලංගෙයි තමිල අරසු පක්ෂයෙන් ඉවත්වීමේ ලිපිය භාරදෙයි

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත්වන බවට සඳහන් ලිපිය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා වෙත ලබාදී තිබෙනවා.
යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණ ඊයේ දිනයේදී ඔහු මෙම ලිපිය තමන් වෙත භාරදුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
ලිපිය භාරදීමෙන් පසු පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ උතුර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අතර පැයක පමණ සුහද සාකච්ඡාවක්ද පැවති බව අප වාර්තාකරු කියා සිටියා.
එහිදී අදහස් දක්වමින් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන් පිහිටවූ දෙමළ ජනතා සන්ධානය ඔස්සේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකරගෙන යන බවයි.