බෝම්බ බියක් නිසා ඇමරිකානු සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාවේ නිව්යෝක් ප්‍රවෘත්ති මැදිරියෙන් කාර්ය මණ්ඩල ඉවත් කර ගැනුණා.
කිසිවෙකු දුරකතන ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර ඇත්තේ එම ගොඩනැගිල්ලේ ස්ථාන 05 ක බෝම්බ අටවා ඇති බවයි.
ඒ අනුව ප්‍රවෘත්ති මැදිරියෙන් කාර්ය මණ්ඩල ඉවත් කොට එය පරීක්ෂා කර තිබෙනවා.
එම කාලය තුළ පටිගත කළ වැඩසටහන් විකාශය කර ඇති අතර, සජීවි නිවේදන සිදුකර ඇත්තේ ස්කයිප් තාක්ෂණය භාවිත කරමින්.
කෙසේ නමුත්, සී.එන්.එන්. නිව්යෝක් ගොඩනැගිල්ලේ තිබී බෝම්බ කිසිවක් හමු නොවූ බව පොලිසිය පසුව තහවුරු කළා.
