පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවසර දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරිය අද (12) අවසර ලබා දුන්නා.
අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගෙන් ඉල්ලා සිටියේ බැදුම්කර ගණුදෙනුවට අදාල පරීක්ෂණ සඳහා මේ මස 13,14 සහ 15 යන දිනවල මොවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවයි.
ඒ අනුව එම ඉල්ලීමට අවසර දෙමින් ඊට ඉඩ සලසන ලෙස ඇය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළා.