Gossips

සීෂෙල්ස් අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන්ට නිදහස

සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.
මේ අතර සංචාරයේ ප්‍රතිඵල පිළිබඳව ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් සංවිධාන කරන මිරිදිය වරුණ වැඩසටහනට අද පස්වරුවේ කොළඹදී එක්වෙමින්.
සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ධීවරයින් සියලූදෙනා නිදහස් කරගැනීමට සීෂෙල්ස් ජනාධිපතිවරයා සහ තමන් අතර ඇතිවූ සාකච්ඡාවලින් හැකිවූ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
ඒ අනුව එම ධීවරයින් අද දහවල් නිදහස ලැබූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ධීවර ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස යෝජනා ක්‍රමය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී අවධාරණය කළා.
මේ අතර යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේදී මාලදිවයිනේ නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලි ද ජනාධිපතිවරයාට මුණගැසී තිබුණේ ඔහු සිංගප්පූරු සංචාරයකට එක්ව සිටින අතරතුරයි.