Gossips

සීයා පැදවූ ත්‍රිරෝද රථයෙන් විසි වී අවුරුදු දෙකක දැරියක් මරුට

පොළොන්නරුව – අරලගංවිල – දලූකාන ප්‍රදේශයේදී සිය සීයා විසින් පැදවූ ත්‍රිරෝද රථයකින් ඉවතට විසි වී වයස අවුරුදු දෙකහමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ දැරිය කිසිවෙකුට නොපෙනන ආකාරයට නිවස අසළ නවතා තිබූ මෙම ත්‍රිරෝද රථයට නැග ඇති බවයි.
ඒ පිළිබඳව නොදැන දැරියගේ සීයා ත්‍රිරෝද රථය පන ගන්වා ඇති අතර එම අවස්ථාවේදී ඉන් පිටතට විසි වී බරපතල තුවාල ලබා ඇය පොළොන්නරුව රෝහලට ඊයේ (14) ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත්තේ.