Gossips

සීමා මායිම් නැති අසීමිත පිය සෙනෙහසට හදවත් ඇත්තවුන් රැසකගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය

සීමා මායිම් නැති අසීමිත පිය සෙනෙහසට කදිම ආදර්ශයක් සපයමින් 59 හැවරදී සිය රෝගී පුතු රැක බලාගන්න 89 හැවිරිදි පියෙකු පිළිබද පුවතක් අපි පසුගියදා වාර්තා කළා.
පොළොන්නරුව සුසිරිගම ගම්මානයෙන් වාර්තා වූ එමහිරු පුවතට ප්‍රතිචාර දැක්වීමට සංවේදී හදවත් ඇත්තවුන් රැසකගෙන් යහපත් ප්‍රතිචාර හිමිවීම සතුටට කරුණක්.
පොලොන්නරුව සෙවනගල සුසිරිගම පදිංචි රණවීරගේ ගුණපාල දරුවන් 4දෙනෙකුගේ පියෙක්.
සිය බිරිදත් නොමැතිව ජීවිතයේ සැදෑ සමය ගෙවන ගුණපාලගේ හිස මත හදිසියේ සිය වැඩිමහල් පුතුගේ වගකීම පැටවෙන්නේ ඔහුට සිදුවූ රිය අනතුරක් හේතුවෙන්.
ගතින් වියපත් වුවද උතුරා ගිය පිය සෙනෙහස මේ පියාණන්ට දිවා රෑ නොබලා තම පුත්‍රයා රැක බලා ගන්නට ශක්තිය ලබාදී තිබෙන ආකාරය අප පසුගියදා පියවරුන්ගේ දිනයේදී රටට හෙලිකලා.
එම පුවත දුටු සංවේදී හදවත් ඇත්තවුන් බොහෝ දෙනෙක් ඊට පසුදිනම මේ අපුරු පිය පුතු දෙපලට උදවු කිරීමට ඉදිරිපත් වෙන්නේ තවමත් මිනිසුන්ගේ හදවත් වල මනුසත් කමේ ගුණ සුවද ඉතිරිව ඇති බව ලොවටම කියාපාමින්.
ඒ අනුව සිවිල් ආරක්ෂක බලකායේද උදවු ඇතිව ධානපතින් කිහිප දෙනෙකුගේම පරිත්‍යාගයෙන් මේ කුඩා නිවසට ජලයත් විදුලියත් ලබාදීම ඔවුන්ගේ අපිරිමිත සතුටට හේතුවක්.
එපමණක් නොව මේ පිය පුතු දෙපලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය,වියලි ආහාර,සහ මුදල් මය ආධාර කරන්නත් බොහෝ දෙනෙකු ඉදිරිපත් වී තිබීම සතුටට කරුණක්.