Gossips

සීමා නිර්ණ වාර්තාවට විරුද්ධ වීමට නිදහස් පක්ෂය තීරණය කරයි

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදයට එක්වෙමිනුයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මේ බව කියාසිටියේ.
සීමා නිර්ණ වාර්තාවට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
විවාදය අවසානයේ ඡන්දයක් පැවැත්වීමට පස්වරුවේ රැස්වූ පක්ෂ නායකයින් තීරණය කරනු ලැබුවා.
පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිලිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී 11.50 ට පමණ ආරම්භ වූනා.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ පක්ෂ නායකයින්ගේ තීරණය අනුව අද පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.