පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයකින් පරාජයට පත්වුණා.
මෙම වාර්තාව සකස් කළේ පංච පුද්ගල කමිටුවක් විසින්.
එම කමිටුවේ සිටි මහාචාර්යවරයෙක් වන හස්බුල්ලා අද (24) හදිසි හෘදයා බාධයකින් මියගොස් තිබෙනවා.
ඒ මහතා යාපනයේ පැවති වැඩසටහනකට සහභාගී වීමට යමින් සිටියදී මෙලෙස හදිසියේ රෝගාතුරු වී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
