වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන මස 2 වනදා දක්වා යළි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
ඒ, සීමාවාසික පත්වීම් ලබාගැනීමට සුදුසුකම් ලබාසිටියදී එම පත්වීම් තමන්ට ලබා නොදී රජයේ වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරින්ට පමණක් එම පත්වීම් ලබාදීමට එරෙහිව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් තුන්දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලූ අවස්ථාවේදියි.
මෙම පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලූවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන හමුවේ සළකා බලනු ලැබුවා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුලූ පස්දෙනෙකු නම් කර තිබෙනවා.
මෙම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී සීමාවාසික වෛද්‍යවරුන් 278 දෙනෙකුට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය 26 වනදායි.
