වෛද්‍ය උපාධිධාරීන් 278 දෙනෙකු සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
එම නියෝගය නිකුත් කර තිබුණේ සීමාවාසික පත්වීම් ලබාගැනීමට සුදුසුකම් ලබාසිටියදී එම පත්වීම් තමන්ට ලබා නොදී රජයේ වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරින්ට පමණක් ලබාදීමට එරෙහිව සයිටම් වෛද්‍ය උපාධිධාරීන් තුන්දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා සලකා බැලූ අවස්ථාවේදීයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන හමුවේ ඊට අදාළ පෙත්සම අද යළි සලකා බැලුණු අතර, එහිදීයි විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ. වැඩිදුර පෙත්සම් විභාගය ලබන මස 09 වැනිදා සිදුකිරීමට නියමිතයි.