Gossips

සීමාවකින් තොරව වී මිලදී ගන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් උපදෙස්

ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගන්නා ලෙස තමන් වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අම්බලන්තොට – දෙහිගහලන්ද වී අලෙවි මණ්ඩයට අයත් ගබඩා සංකීර්ණය ඊයේ නිරීක්ෂණයට ලක් කිරීමෙන් පසු අමාත්‍යවරයා කියා සිටියේ මාස් කන්නයේ නෙලා ගන්නා ලද වී තොග ද මේ වන විට වෙළදපොළට ලැබෙමින් පවතින බවයි.
එහෙත් ඇතැම් ව්‍යාපාරිකයින් වී අස්වනු අඩු මිලට ලබා ගන්නා බවට ගොවීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බව ඔහු කියා සිටියා.
ඒ අනුව රජයේ සහතික මිල යටතේ සීමාවකින් තොරව වී මිලදී ගන්නා ලෙස තමන් වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබාදුන් බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.