Gossips

සීනිමෝදර මාදැල්වැල්ල වෙරළ තීරය විනාශ වීමේ අවධානමක

ධීවර දෙපාර්තමේන්තු හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් තංගල්ල සීනි මෝදර මාදැල් වැල්ල වෙරළ තීරය විනාශ වෙමින් පවතින බව ධීවර ජනතාව චෝදනා කරනවා.
අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබදවයි.
තංගල්ල සීනිමෝදර වෙරළ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් අතිශය සුන්දර වෙරළ තීරයක්.
එහි ඇති කඩොලාන ගහනය ද විනාශ කරමින් වෙරළ අද්දර ඇති පෞද්ගලික ඉඩමක විශාල බැම්මක් නීතිවිරෝධීව ඉදිකරනා බවයි ගම්වාසීන් හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු ලබාදෙමින් පවසා සිටියේ.