Gossips

සීනිගම දෙවොල් දේවාලයේ පෙරහර මංගල්‍යය හේතුවෙන් වාහන ගමනාගමනයට සීමා

සීනිගම ඓතිහාසික දෙවොල් දේවාලයේ පෙරහර මංගල්‍යය වෙනුවෙන් හෙට සිට ලබන 18 වන දා දක්වා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
හෙට දහවල් 1.10ට පෙරහර වීථි සංචාරය කරන අතර, එම කාලසීමාව තුළ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරනු ඇති.
එමෙන්ම අනිද්දා පස්වරු 1.15 සිට සහ 17 වන දා රාත්‍රී 9.30 සිට මෙලෙස වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි රථ වාහන පොලීසිය සඳහන් කළේ.
එම කාලසීමාවන් තුළ දී එක් මංතීරුවක් තුළ පමණක් වාහන ගමනාගමනය සඳහා කටයුතු යොදා ගැනෙනු ඇති.
මේ අතර, මෝදර – මාදම්පිටිය මාර්ගයේ ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 9 සිට 17 වන දා උදෑසන 5 දක්වා එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.