පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සීදූවේ සමාජශාලාවක් තුළ පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊට අදාළ ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදියි.
ඊයේ පස්වරුවේ කඩවත සහ සීදූව ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
46 සහ 47 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අද සීදූව පොලීසියට භාරදීමට නියමිතයි.
