කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් සීදූව පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (04) ඇප මත මුදා හැරුණා.
ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
එහිදී රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මතයි මොහු මුදාහැර ඇත්තේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සීදූව පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මස 13 වැනිදායි.