Gossips

සීදූවේ සමාජශාලාවක් තුල එක්වරම වෙඩි පත්තුවෙයි

සීදූව සහ බෙලිඅත්ත ප්‍රදේශවල වෙඩි තැබීම් දෙකක් සිදුව තිබෙනවා.
ඉන් එක් වෙඩි තැබීමක් සීදූව – ලියනගේමුල්ල ප්‍රදේශයේදී සමාජශාලාවක් තුළ අද (19) අළුයම 2.30ත් – 3ත් අතර කාලයේ සිදුව ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ 34 හැවිරිදි සීදූව රද්දොළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම සමාජ ශාලාව තුලට පැමිණි පිරිසක් සහ එහි සේවකයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණය වුණේ.
සිද්ධියෙන් තුවාල ලැබුවේ මෙම සමාජ ශාලාවට පැමිණි පුද්ගලයෙක්.
වෙඩි තැබීම සමාජ ශාලාවේ හිමිකරු විසින් සිදුකර ඇති බවට හෙළිව ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකරකැවන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.
මේ අතර, බෙලිඅත්ත – ගැටමාන්න – කොස්ගස්හන්දිය ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රි 8යි 35ට පමණ සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව සදහන්.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බෙලිඅත්ත – මහහීල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
ඔහු හත්බෝධිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.
ඔහුගේ කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි පොලීසිය කියා සිටියේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.