Gossips

සීදූවේ බැංකුවකින් කොල්ලකෑ මුදල හෙළිවෙයි

අද පෙරවරුවේ සීදුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් කොල්ලකන ලද මුදල රුපියල් ලක්ෂ 6 කට බවට අනාවරණ වී ඇතැයි පොලිසිය පවසනවා.
අද පෙරවරු 9.05 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු කුඩා ගිනි අවියක් වැනි යමක් අතැතිව බැංකුව කොල්ලකා පළාගොස් තිබුනා.
සැකකරු මෙතෙක් හඳුනාගෙන නැහැ.
සීදුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
මේ අතර බැංකුව කොල්ලකෑමට පැමිණි සැකකරු අසල වෙළඳසැලක සවිකර තිබු කැමරාවක සටහන් වී තිබෙනවා.