Gossips

සීදුවේ එජාප මන්ත්‍රීවරියකගෙන්, මන්ත්‍රීවරයෙකුට චීත්තයක්

කටුනායක ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකිරීමේදී ඇතිවු ගැටළුවක් මුල්කරගෙන අද සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
බැකෝ යන්ත්‍රයක් යොදාගෙන මෙම මාර්ගය ඉදිකිරීමේදී ජනතාවගෙන් මුදල් එකතු කර ඇති බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක්, මෙහිදී එම පක්ෂයේම මන්තී්‍රවරයෙකුට චෝදනා එල්ල කළා.
පසුව එම උණුසුම් තත්ත්වය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකළ තවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ හිසට අදාළ මන්ත්‍රීවරිය චීත්තයක් දැමීමද විශේෂත්වයක්.