Gossips

සීතල යුද්ධයක් ගැන ජගත් මහ ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්

සිරියාව මුල්කරගනිමින් රුසියාව සහ ඇමරිකාව අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.
සිරියාවේ – ඩූමා නගරයට එල්ලවූ රසායනික අවි ප්‍රහාරයෙන් පසු ඇමරිකාව සහ රුසියාව අතර මත ගැටුම් උග්‍රවූ අතර, ඇමරිකාව ප්‍රකාශ කළේ සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කරන බවයි.
එලෙස මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව තැත් කළහොත් එය යුද්ධයක ආරම්භයක් බව රුසියාව ප්‍රකාශ කර තිබුණා.