Gossips

සීගිරිය නැරඹීමේ වේලාව දීර්ඝ කෙරේ

සංචාරකයින්ට සීගිරිය නැරඹීමට ලබා දී ඇති වේලාව පැය භාගයකින් දීර්ඝ කර තිබෙනවා.
එහි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත කියා සිටියේ අනිද්දා සිට උදෑසන 6.30 සිට සීගිරිය නැරඹීමේ අවස්ථාව දෙස් විදෙස් සංචාරකයින්ට ලබාදී ඇති බවයි.
මීට පෙර උදෑසන 7 න් පසුව සීගිරිය නැරඹීමට සංචාරකයින්ට අවසර හිමිවූ අතර, විදෙස් සංචාරකයින්ගේ සහ මඟ පෙන්වන්නන්ගේ ඉල්ලීම් මෙන්ම, ඇති වන තදබදය වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත වැඩිදුරටත් කියා සිටියේ.