Gossips

සීගිරිය නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන් පිරිසකගේ මුදල් කොල්ලකයි

සීගිරිය සංචාරක කලාපයේ පිහිටි හෝටලයකට අද අලූයම ඇතුලූවූ කණ්ඩායමක් එහි නවාතැන් ගෙන සිටි විදේශීය සංචාරකයන් පිරිසකගේ මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කොල්ලකෑ මුදල පිළිබඳව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති බවයි.
කොල්ලකරුවන්, සංචාරකයින් නවාතැන් ගෙන සිටි කාමර 5 කට ඇතුලූවී ඇති අතර, ඊට අදාළ දර්ශන හෝටලයේ සී සී ටී වී පද්ධතියේ සටහන් වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මීට පෙර ද දඹුල්ල සහ සීගිරිය යන ප්‍රදේශවල සංචාරකයන් ලැගුම් ගෙන සිටි හෝටල්වලට ඇතුලූවී මුදල් කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වුණා.