සීගිරියට සමීපව පිහිටා ඇති අලිගල ගුහාව නැරඹීම සඳහා සංචාරකයින්ට අවස්ථාව ලබාදී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ප්‍රකාශ කළා.
සීගිරි ජල උද්‍යානයට මීටර් 600ක් වනාන්තර ප්‍රදේශය තුළ මෙම ගල් ගුහාව පිහිටා ඇති අතර ඒ සඳහා ගමන් කිරීමට මාර්ග ද සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම ගල් ගුහාව වර්ෂ 4500කට ඉහත ජීවත් වූ ගල් යුගයේ මිනිසුන්ගේ ජීවන රටාව පිළිබදව සාක්ෂි ද ඇති අතර, එය දැක ගැනීම දුර්ලභ අවස්ථාවක්.
මේ අතර, සීගිරි කැටපත් පවුරේ ඇති වූ දිලීර ඉවත් කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කරමින් පවතිනවා.
අධි තාක්ෂණික උපකරණ මගින් රසායනික ද්‍රව්‍ය යොදා මෙම කටයුතු අද (24) දිනයේත් සිදුකරන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.