සීගිරිය දිය අගල ඇතුළත කලාපය අනිද්දා සිට පොලිතින් ඇතුලු අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට නම් කර තිබෙනවා.
ඒ අනුව, එම ප්‍රදේශයට පිසින ලද හෝ කෙටි ආහාර වර්ග මෙන්ම, පොලිතින් රැගෙන යාම අනිද්දා සිට දෙස් විදෙස් සංචාරකයින්ට තහනම් වනු ඇති බවයි නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත කියා සිටියේ.
