Gossips

සීගිරියේ දිය අගලෙන් සිංහ රුවක්

සීගිරි පර්වතය වටා දිවෙන දිය අගලේ සිදුකරන කැණීම්වලදී සිංහ රුවක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
මේ අනුව පුරා විද්‍යාඥයන් මත පළකරන සිංහ පාදය අසල ඇති සිංහයාගේ රුව දැවයෙන් ඉදිකළ එකක් බවට මෙම සොයා ගැනීමත් සමඟ අනුමාන කළ හැකි බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කළේ.
කැණීම්වලදී මෙම දිය අගල ආසන්නයේ තිබි දූපතක්ද සොයාගෙන ඇති අතර, එහි ගොඩනැගිල්ලක් ඉදිකර කාශ්‍යප රජු සමයේදී ආරක්ෂක මධ්‍යස්ථානයක් ලෙසට පවත්වාගෙන යන්නට ඇති බවට විශ්වාස කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.