Gossips

සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතියක් නැහැ – ඇමති අකිල

ඓතිහාසික සීගිරිය නැරඹීම සඳහා කේබල් කාර් පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින බවට වූ පුවතක් පසුගිය 4 වන දා අප වාර්තා කළා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසන්නේ එවැනි ව්‍යාපෘතියක් වෙනුවෙන් තමන් කිසිදු යෝජනාවක් හෝ ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.
ඒ සම්බන්ධ වගකීම පැවරෙන්නේ විෂය භාර අමාත්‍ය විජේදාස රාජපක්ෂට බවයි ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.
ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යා වටිනාකමකින් ද යුත් සීගිරිය, යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස ද නම් කර තිබෙනවා.
එවැනි තත්ත්වක් තුළ පසුගිය දා හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ සීගිරිය නැරඹීම සඳහා කේබල් කාර් පද්ධතියක් නිර්මාණය වෙමින් පවතින බවයි.
කෙසේ වෙතත්, යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපතිවරයා ලෙස කටයුතු කරන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සීගිරිය ලෝක උරුමයට හානි වන කිසිදු තීරණයක් තමන් ගෙන නොමැති බවයි.