Gossips

සීගිරියේ ආරවුලක්, සිව්දෙනෙකු රෝහල් ගත කෙරේ

සීගිරිය – හේන්වලයාගම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් සහ යාබද ඉඩමේ පිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දඹුල්ල පොලීසිය සඳහන් කළේ විහාරස්ථාන භූමිය පිරිසිදු කරන හිමිනම, එම අපද්‍රව්‍ය යාබද ඉඩමට දැමීම නිසා මෙම ආරවුල හටගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, ආරවුල අතරතුර තියුණු ආයුධයකින් පහරකෑමකට ලක්වූ එම ඉඩමේ පදිංචිව සිටි අට මස් ගැබිණි මවක්, ඇගේ සොහොයුරා සහ සැමියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එමෙන්ම හිමි නම ද වම් අතේ ඇඟිලි දෙකකට හානිවීම හේතුවෙන් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.