Gossips

සීගිරියට අද මාර්ගෝපදේශකයින් නැහැ

සීගිරිය සංචාරක මඟ පෙන්වන්නෙකුට චීන ජාතිකයෙකු පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද (10) උදෑසන 7 සිට සීගිරියට පිවිසෙන ප්‍රධාන දොරටුව අවහිර කරමින් විරෝධතාවක නිරත වන බව සීගිරි සංචාරක උපදේශක සංගමය පවසනවා.
ඊයේ (09) දිනයේ බලපත්‍ර නොමැතිව චීන ජාතිකයින් 08 දෙනෙකු සමඟ සීගිරිය නැරඹීම සඳහා මඟ පෙන්වන්නෙකු ලෙස පැමිණි චීන ජාතිකයෙකු සහ මෙරට මඟ පෙන්වන්නෙකු අතර මෙම ගැටුම හටගෙන ඇති බව සඳහන්.
පසුව චීන ජාතිකයා විසින් මෙරට මඟ පෙන්වන්නාට පහර දී ඇති අතර ඔහු තුවාල ලබා මේ වන විට සීගිරිය – කිඹිස්ස ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කෙසේ වෙතත්, තම සංගමයේ සේවාදායකයෙකුට පහරදීමට විරෝධය පළ කරමින් මෙලෙස අද මාර්ගෝපදේශන කටයුතුවලින් ඉවත්ව සිටීමට තීරණය කර ඇති බව සීගිරිය – සංචාරක උපදේශක සංගමයේ ලේකම් ප්‍රසන්න ධනුෂ්ක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.