Gossips

සීග්‍ර ප්‍රතිසංවිධානයට නිදහස් පක්ෂයෙන් කමිටු දෙකක්

මෙතෙක් පැවති දේශපාලන ව්‍යුහයට අමතරව පරිපාලනමය ව්‍යුහයක් ඇති කරමින් මාස 3ක් ඇතුළත පක්ෂය තුළ සීග්‍ර ප්‍රතිසංවිධානයක් ඇති කිරීම සඳහා කමිටු දෙකක් පත් කිරීමට ඊයේ (16) රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.
ඊට අමතරව පක්ෂයේ විශේෂ සම්මේලනය පැවැත්වීම සම්බන්ධයෙන් සහ ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ බවයි දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.