Gossips

සිසු විරෝධතා මැද, සබරගමු වෛද්‍ය පීඨය විවෘත කෙරේ

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු විරෝධතා මධ්‍යයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද කුරුවිට – බටුහේන ප්‍රදේශයේ ස්ථාපිත සබරගමුව විශ්වවිද්‍යාලයට අයත් නව වෛද්‍ය පීඨය විවෘත කරනු ලැබුවා.
ඊට පෙර සිසුන් විරෝධය පල කලේ රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය බටුහේන ප්‍රදේශයෙන් අවහිර කරමින්. එම විරෝධතාව මේ වන විටත් පැවැත්වෙන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කළ අතර, අනතුරුව අග්‍රාමාත්‍යවරයා පැමිණියේ සබරගමුව විශ්වවිද්‍යාලයටයි.
කෙසේ වෙතත් සිසුන් විරෝධය පලකරමින් සඳහන් කලේ සබරගමු විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨය විවෘත කිරීමට සිසුන්ට ආරාධනා නොකල බවයි.
ඔවුන් විරෝධය දැක්වීමත් සමග පොලිසිය සහ කැරලි මර්දන ඒකකය එම ස්ථානයට කැදවා තිබු අතර මේ එහිදි සිසුන් සහ පොලිසිය අතර සංවාදයක් ඇති වුණා.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා.