Gossips

සිසු විරෝධතාවක් නිසා බංග්ලාදේශ අගනුවර අඩපන වෙයි

බංග්ලාදේශයේ උසස් පාසල් සිසුවියන් දහස් ගණනක් ඩකා අගනුවර 5 වන දිනටත් පවත්වන විරෝධතාවක් නිසා එහි දෛනික කටයුතු අඩපණ වී තිබෙනවා.
අධික වේගයෙන් ගමන් ගත් බස්රථයකට යට වී යොවුන් වියේ පසුවු දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවයි ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළේ.
තමන්ට යුක්තිය ඉටු කරන ලෙසත්, මාර්ග ආරක්ෂාව උදෙසා නිසි පියවර ගන්නා ලෙසත් ඔවුන් මෙලෙස විරෝධතාවල නිරත වන බව සදහන්.
මේ හේතුවෙන් බංග්ලාදේශය පුරා සියලූ උසස් පාසල් තාවකාලිකව වසා දැමීමට බංග්ලාදේශ අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.