රත්මලානේ පිහිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් එහි පාලන අධිකාරිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මේජර් ජෙනරාල් අයි.පී. රණසිංහ සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දෙවන වසරේ අනේවාසික සිසුවෙකුට අධ්‍යයන කටයුතු අවසන් කර නොමැති සිසුන් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇති බවයි.
පහරකෑමට ලක්වූ සිසුවා එම අවස්ථාවේදීම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශය වෙත යොමු කිරීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල වෙත ද මාරු කර යවා තිබෙනවා.
මෙම ගැටුම සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය ඊයේ දිනයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් විමසීමක් කළා.
එහිදී එහි ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ විශ්වවිද්‍යාලය තුළ කිසිදු ගැටුමක් ඇති නොවූ බවටයි.
කෙසේ වෙතත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැටුම සම්බන්ධයෙන් අද දින නිවේදනයක් නිකුත් කරමිනුයි මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේ.