Gossips

සිසුවෙකු අපයෝජනය කළ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ්

14 හැවිරිදි පාසල් සිසුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු අද මාතලේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 14 වන දා උකුවෙල – ගුරලවෙල කන්දේමඩ ප්‍රදේශයේ දී 36 හැවිරිදි සැකකරු මෙම සිසුවා අපයෝජනය කර ඇති බවටයි පොලීසියට පැමිණිලි ලැබී තිබුණේ.
සැකකාර මන්ත්‍රීවරයා අද පෙරවරුවේ මාතලේ පොලීසියට භාර වී ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.