Gossips

සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට ගුරුවරියක අත්අඩංගුවට

සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොල්ගස්ඕවිට – සියඹලාගොඩ ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියක කහතුඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ සිසුවෙකු මෙලෙස ගුරුවරියගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර, තුවාල ලැබූ සිසුවා මේ වනවිට වෑතර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම ගුරුවරිය සිසුවාගේ පන්තියට භූ ගෝල විද්‍යාව විෂය උගන්වන අතර, එම කාලච්ඡේදයේදී සිසුවා වෙනත් විෂයකට අදාළ කටයුත්තක් සිදුකිරීම නිසා මෙම පහරදීමට සිදුව ඇති බව දෙමාපියන් චෝදනා කරනවා.